Tuesday, September 10, 2013

බෝ සමිදුන් වෙනදා වගේ සරල වන්න කීවා සරළ වන්න කීවා

සමාවෙන්න බෝසමිදුනි උණු කදුලු බිංදු ඉනුවා...
මඳ පවනේ බෝ පත් මට සිසිල් සෙවන දුන්නා...
සිසිලස සුව අතරේ මගෙ දුක මා කීවා...
බෝ සමිදුගෙ පිං මහිමෙන් මගෙ සිත අද නිවුනා...
සසර දුකින් නිවී යන්න සරළ වෙන්න කීවා...
කලුවර වී අහස් කුසේ වැහි කලුවර මැවුනා...
බෝ සමිදුනි නුබ නොසැලී කාගෙත් සිත් නිවුවා...
වෙනදා නැති වෙනස් වැස්ස අද වහිනවා කීවා…
මහ වරුසාවෙන් බෝපත් හයියෙන් සෙලවූනා…
සෙමින් සෙමින් මහ වැස්ස අවසානෙදි නොපෙනි ගියා…
බෝ සමිදුන් වෙනදා වගේ සරළ වන්න කීවා…
සරළ වන්න කීවා


No comments:

Post a Comment