Tuesday, September 10, 2013



මගේ පියාණනි

සංසාර දුර්ගය තරණය කරන්නට
අපිව උරමත තබාගෙන
නුඹ ගන්න වීර්යය
දැනෙනවා මගේ හදවත
පියාණනි අවසරයි නමදින්න ඔය දෙපා
ගණන් කර නොහැක මට
ඔය දෙපා රිදුන් දුන් වාර ගණන…
ගණන් කර නොහැක මට         
දෑත්වල කරගැටවල රිදුම්…
ලොවට ගයන්නට නුබේ ගුණ
අමාදිය වී නුබේ දහඩිය
මල් හටගන්වා
ඵල බරකරවා
කියාදෙයි පීතෘ සෙනහසේ මහිමය
මතු බුදු වී නිවන් දකින්නට
මේ පිං ඇතිවෙයි මගේ පියාණනි,
පියාණනි අවසරයි නමදින්න ඔයදෙපා….

No comments:

Post a Comment