බුදු ගුණ මහිමෙන් නිවන් දකින්නට නුඹ කල පිං ඇති මගේ අම්මේ
සුසුම් හෙලන අන්දකාර රාත්රිය
එළිය කරන පින්වත් පුන්සඳ
අම්මේ නුඹම විය,
හිමිදිරි උදයේ විහග ගීත මැද
කුසුමන් පුබුදන අරුණා ලෝකය
නුඹම විය,
ජය සිරිමා සමිදුන්ගෙ බෝපත් නළවන
සිසිල් සුළග අම්මේ නුඹම විය,
මගේ කදුලු දැක ලොවට හොරා
නෙතින් කදුලු සැලු
මගේ අම්මා නුඹ විය,
කුලුණු ගුණෙන්
තෙත් ලයක් වී
ලේ කිරි කර පෙවු කරුණා හදවත අම්මේ නුඹම විය,
නුඹේම ලෝකයෙ කිරුල පැලැන්දූ
හුරතල් පොඩි දුව වෙමි මා අම්මේ....
බුදු ගුණ මහිමෙන් නිවන් දකින්නට
නුඹ කල පිං ඇති මගේ අම්මේ....
No comments:
Post a Comment